Monday, October 15, 2012

වියෝ කව


කලා සොලස පිරි පුර හඳ වැසුනාදෝ 
වෙලා අඳුර ඝන කළුවර වුනාදෝ 
දුලා නුවන් යුග කඳුලින් පෙගේදෝ 
පෙලා යන්න මා වරදක් කළාදෝ

සයුර තරම් උණු කඳුළැල් හෙලූවා
අහුර අහුර දුක් ගිනි දැල් ඉහිලූවා
පවුර බිඳී විජිතය අසරණ වූවා
පහුර නැතුව මා ගඟ මැද තනි වූවා

මලක් වුණේ ඇයි අකලට පර වෙන්න 
මළත් සැපයි මේ දුක බෑ උහුලන්න 
කලක් පෙම් කලත් බැරි විය හඳුනන්න
ගලක් වුණේ කොහොමද මට පවසන්න  

No comments:

Post a Comment