Friday, October 19, 2012

කඳුලට කී කව ...


කැටපත් පවුරක 
නොලියු පෙම් කව
මා සිත් පවුරේ 
තිබිණි ලියා ..

සිත් කැඩපත 
නොදුටු ඔබේ නෙත 
මා සිත් මානෙන් 
ඉවත ගියා ..

හිතක උපන් පෙම 
සඟවනු කෙලෙසද 
නොම දැන කඳුලක් 
ගලා ගියා ..

තනිකම වෙනුවට 
කඳුලේ නුඹ ඉනු 
මා සිත තනි කර
ඉවත නොයා ....

No comments:

Post a Comment