Saturday, October 27, 2012

ආගන්තුක කවිය


හිනා වෙන ඇස් දෙකක් 
මට කතා කරනවා 
කඳුළු බර වැඩි නිසා 
හිනා දෙමි කියනවා 
හිනා මල් අහුලන්න 
ලං වෙන්න හිතෙනවා 
අලුත් කඳුලක් එයි  
සිත මගෙන් අහනවා ..

ආදරේ මල් පිපුණු
නිල මිටියාවතේ 
අත් බැඳන් ඇවිද ගිය
කඳුළු මල් මාවතේ 
මතක අතරේ සරණ 
හුදෙකලා මා සිතේ 
නුවන් නාමයෙන් 
අලුත් පදවැල් ගෙතේ ...

කඳුළු කවිකම් කෙරූ 
පරණ කවි පොත පුරා 
හිතේ දුක ගුලි කළෙමි
කවක පදවැල් අරා 
පෙම් කවක් ලියන්නට 
පෙම් හැඟුම් සිත දරා 
හැකිවේද සොයමි මම 
කඳුළු කවි පොත ඉරා ...

No comments:

Post a Comment