Saturday, October 27, 2012

.....දිගැසියේ ......


කොකුම් අංජන ගෑව
නුරා කැල්මන් පෑව
ඔබේ දිගු ඇස් ගාව
මුලා කරවයි මාව 

මලවිගේ මල් හීය
අමුතු රහසක් කීය
ගයන්නට පෙම් ගීය
ඔබ එතැයි තෙපලීය

නොකී සහසක් කතා 
එවන බැල්මක ඔතා 
ඔබේ ඔය සිත පතා 
මගේ සිත ඉගිලෙතා 

මල් හිනා දෙන දිගැසියේ
ලං වෙන්න හොවා ගමි මා ලයේ 
මගේ සිහිනය ඔබයි දිව රැයේ
ඉතින් තව කීම පමා සොඳුරියේ ...

No comments:

Post a Comment