Saturday, October 27, 2012

කින්නරිය (නො)කී කව


චන්ද කින්නර ජාතකේ 
මගෙ ලඟම උන් කිඳුරාණනේ 
කින්නරිය මා හැර දමා ඔබ
යන්නේ කෙලෙසද කිව මැනේ

ප්රේමයේ මල් දම් ගොතා මට 
ගෙල පැලැන්දු සතොසිනේ 
නුඹේ පෙම ළඟ ළදරුවෙකි මා 
නොදන්නෙද තව හිමියනේ ..

ඇණි විස හී පහර ඉන් ඔබ 
වින්ද දුක මෙමටත් දැනේ 
පෙළා මා සිත මෙමා තනි කර 
යන්න වරදක් නෑ වුණේ ..  

No comments:

Post a Comment