Saturday, October 27, 2012

අදත් එනු සිහිනට සෙනේ දෝතට අරන් .....


තරු දෑස එබෙනවා
සිහිනය මට හොරෙන්
සයුරු රළ හඬනවා
ඔබේ හඬ නැති සොවින්
දිව එන්න හිතෙනවා
ඔබ ළඟට මට සැනින්
කඳුල ඉඟි මරනවා
සිතට දුක වැඩිකමින් ....


දුර වුණත් සිත ගාව
ඔබ තවම මා ලඟයි
ආදරේ මහ ගොඩක් 
හැමදාම ඔබේ තමයි
නැති වුණත් ලඟපාත
සුවඳ මට තනි රකියි
තරු දෑස තරු අතර
ඉදන් මට අත වනයි... 


සුවඳ හා වෙලි වෙලී
හිඳිමි ඔබ සිහි කරන්
මතක මාවත දිගේ
සිතෙන් යළි සැරි සරන්
එනතුරා මග බලමි
කඳුලකට වැට බැඳන් 
අදත් එනු සිහිනට
සෙනේ දෝතට අරන් .....

No comments:

Post a Comment