Tuesday, October 16, 2012

මහද සොරකම් කළා සත්තෙන්


හිතේ ලියවෙන ගීත මැද්දෙන්
එබී හිනැහී දෙනෙත් අස්සෙන් 
ඇවිත් නුඹ ඔය සෙනේ වැස්සෙන් 
වෙළා නහවයි 'සිත රස්නෙන් 

දෙතොල තැබූ හාදුවක රස්නෙන් 
කොපුල තෙමු උණුහුමක හුස්මෙන්  
හදේ තත් හඬවාලා සද්දෙන් 
මහද සොරකම් කළා සත්තෙන් 

හදේ දොරගුළු හැර කැමැත්තෙන් 
තැබූ නිසා ඔබ ඇවිත් රහසෙන්  
සිහිනයක් වියැකෙන්න මත්තෙන් 
ගෙන ගියා මගේ සිතම මාගෙන් 

No comments:

Post a Comment