Thursday, October 25, 2012

මං


වසන්තයේ අතු අද්දර
පිබිදෙන්නට ඇඟිලි ගණින
හීන අහුරු එකතු කරන
නොපිපි කැකුළ මං  ..

කඳුළු පිරුණු නිල් ඇස් යුග
ලොවට හොරෙන් සඟවා ගෙන
ගිම්හානේ සිනා සලන 
හීන කුමරි මං ..

මහා වැස්සට තෙමුණු බිමක
අලුත් ඉරක් වී නැගෙන්න
පෙරුම් පුරා බලා ඉන්න
පැතුම් කන්ද මං .....

No comments:

Post a Comment