Friday, October 19, 2012

මතක ඉම තනි වෙමි....


මතක පොත පෙරළමි 
ඔබෙ මතක අහුලමි 
දැනෙන දුක සඟව ගෙන
මතක මත ඇවිදිමි ...

මතක මල් සිඹිනෙමි
ඔබෙ සුවඳ විඳ ගමි 
නෙත කඳුළු උහුල ගෙන
ඔබම සිහි කරනෙමි ..

මතක තුරුලට ගමි 
උණුහුමෙන් සැනසෙමි 
සිතින් ඔබගේ වෙමින් 
මතක ඉම තනි වෙමි ...

2 comments:

  1. මතකය දුක පමණමයි
    නෑත වෙන දෙයක්
    එහි රෑදුනේ ....
    එය සිතුවිල්ලක් වෙලා
    කවි රසයි
    නුඹ ලියුවේ ....

    ලස්සන නිර්මාණයක් ...

    ReplyDelete
  2. මතකය දුකක්මයි
    නෑත කිසිවක්ම
    එහි රෑදුනේ ...

    ලස්සනයි ....

    ReplyDelete