Friday, October 19, 2012

මා එන්නම් ඔබ සමගම දිවි තියෙන තුරා ...


මැදියම් රැය පුරා දකින හීනයක් දිගේ 
මා එන්නම් කිමිදෙන්නට පෙම් අමා ගඟේ 
සඳ ගාවින් තනි රකිනා තරු කැකුළ වගේ 
ඔබ ආවොත් තියා ගන්නේ හිත ලඟින් මගේ 

වසන්තයේ පිපී දිලෙන මල් කිනිති පුරා 
රුව ඇන්දා ළඟ නැති විට හිතට දුක නිසා  
තරු දෑසින් මග අසාන ජීවිතය සොයා 
මා එන්නම් ඔබ සමගම දිවි තියෙන තුරා ...

No comments:

Post a Comment