Tuesday, October 16, 2012

ඉදින් එනු මා කරා


සහස් පැතුමන් පතා 
මග බලමි සිත සිතා
මහද ගිනි ඇවිලෙතා 
පමා විය ඔබ ඉතා

තරු කිනිති මල් රටා
මවයි නෙතු මත රටා 
දෙනෝදාහක් වටා
නමුත් සිත ඔබ වටා 

සොයමි අහසම පුරා
වළා සළු පට ඉරා
හිදිනු බැහැ දුක් දරා
ඉදින් එනු මා කරා 

නවමු සුළඟක් වෙලා
වෙලෙමි ඔබ හද වෙළා
නිවමි හසකැන් සලා 
නොයයි නම් මා පෙළා

එමිය මම ඔබ කරා
කලතමින් හද නුරා
හිඳින්නම් රෑ පුරා
ඔබේ සිහිනය අරා 

No comments:

Post a Comment