Tuesday, October 16, 2012

සමනල් හීනය

මල් හීන ගාව
පෙම් පාට ගෑව
ඔය ඇස් ළඟ නතර වෙලා 
තරු නීල දෑස
ඉඟි පෑව රහස 
විමසන්නට මට හිතුනා 

සඳ නොමැති රෑක
දිලෙනා තරුවක 
මං මගෙ සෙනෙහස ලිව්වා 
දඟකාර අහස
ලීව රහස
දේදුන්නක් මත මැව්වා 

විහඟ තුඩක
මිමිණෙන ගීයක 
පෙම් පුරාවතක් කිව්වා 
මගෙ ලොවම ඔබය 
සමනල් හීනය 
මා ඔබේ නමට එව්වා

No comments:

Post a Comment