Sunday, October 21, 2012

මතක වැස්ස යට සිට ..


හන්තානේ සීත සුළඟ
බැහැ තනිවම විඳින්න
පෙර වාගේ මා ගාවින්
ඔබ අවුදින් රැඳෙන්න ..

මොරසුරන වැසි වැටෙද්දී
මහවැලි ගඟ පිරෙන්න
මතකයි ඔබ ළඟ උන්නා
සිතල මැකෙන්න ..

සරසවියට යන පාරේ
මල්වල හැඩ බලන්න
ඔබ එනවද කුඩේ යටින්
එදා වාගේ තෙමෙන්න ....

No comments:

Post a Comment