Sunday, October 28, 2012

සිහිනයක් වගේ සිත මත නිදන්න හිතුනා .....


ඈත ඉඳන් රහස් කියන 
නෙත් සඟලක කාන්තියෙන්
හිත හිරි වැටුණා....
ගීතයක් වෙලා හෙමිහිට 
කවුරුදෝ ඇවිත් සවණත 
මුමුණනු ඇසුනා .... 
සාගරේ තරම් සෙනෙහස
හදවතේ හොරෙන් සඟවන් 
ඉන්නට හිතුනා ....
නමුත් අලුත් පැතුමක් 
හදවතේ කොනක ඉපදී 
නලියනු දැනුනා ....

සඳු ලඟින් රැඳෙන රෑ කල 
තරු මලක් ලෙසින් ඔබ ළඟ 
ඉන්නට හිතුනා....
උනුහුමක් දැනී කොපුලට
ඔබ ඇවිත් කියා සිතමින
ඔබ සොයා මගේ දෙනුවන් 
හුඟක් වෙහෙසුනා ......
මහනෙලක් වගේ සුවඳින 
ඔබේ සිත පුරා වෙළෙමින 
සිහිනයක් වගේ සිත මත 
නිදන්න හිතුනා ..... 
කඳුළු වැල් ඇවිත් රහසෙම
දුක නිවා නැගුණු සිත මත
ගිලිහි වැටුනා .....

ඇරඹුමක් නොවන කඳුලක
උල්පතක් ලෙසින් ඔබවිත් 
සිත පුරා හුඟක් ආදර 
සිතුවම් මැවුනා..
සිහිනයක් තබා නෙතු මත 
රෑ ගෙවෙන්නටත් කලියෙන්
පාළුවෙන් වෙලා මා සිත
ඔබ දුර ඇඳුනා ...
කවුළුවෙන් එබෙන පුර හඳ
ඔච්චමක් ලෙසින් මා දෙස
බලා හිනැහුනා ...
ඔබ නමින් පැතුම් ගොන්නක් 
හිත පුරා තුරුළු කර ගෙන 
තනිව ලතැවුනා..........

No comments:

Post a Comment