Friday, October 19, 2012

කඳුළු පොකුරක් ඇවිත් සිහිනයම බොඳ කළා ...


ඉරි තැලුණු හිත මතට 
හාදු වැස්සක් තබා 
සෙනෙහසේ පිණි දියෙන්
'සිත පෙම්වත් කළා 

දඟ පාන තරු දෑස
අලුත් රහසක් ලියා 
දුර ඉඳන් ඉඟි කරයි 
හිතේ කවි පද ගොතා 

වැට කදුළු බිඳ දමා 
කෙලෙස යම්දෝ කියා 
සිත සිතා තැවෙන සඳ 
යළි ඇවිත් හිනැහුනා 

දුව ඇවිත් දැවටෙන්න
හිතුන මුත් දුක් කියා 
කඳුළු පොකුරක් ඇවිත් 
සිහිනයම බොඳ කළා ...

No comments:

Post a Comment