Saturday, October 27, 2012

සිහින සිතුවම් ,,


සමනල තටුවක්
කුලියට ඉල්ලන්
අහසේ ඈතට
පියඹමී මං ...

වෙහෙසක් නැතිවම
සිරිපා වඳිනට
සමනොළ මුදුනට
යන්නෙමි මං ...

නෙක විසිතුරු පිරි
සුන්දර මල් ළඟ
මොහොතක් නැවතී
සිඹිනෙමි මං ...

සිලි සිලි හඬ දෙන
ගඟුලැල්ලක බැස
හොඳ හැටි කිමිදී 
පිහිනමි මං ...

මේ සැම විඳිමින්
අහසෙම  ඉන්නද 
පොළොවට නෑවිත් 
සැමදා මං ...

No comments:

Post a Comment