Sunday, October 28, 2012

මල් හිනා අරන් තාමත් එන්නේ ඇයි සිහිනෙට


කන්ද උඩින් හඳ පායන සීත දුරුත්තට 
සිත වාන් දමන සිතුවිලි ගොනු කරමි පුරුද්දට 
ඔබ යන්න ගියත් නොකියා කඳුලක් දී කොපුලට 
මල් හිනා අරන් තාමත් එන්නේ ඇයි සිහිනෙට 

දුර ඈත දිලෙන සඳ මගෙ යැයි සිතාන උන් දා 
සඳ එළියට සිය දහසක් කවි පද බැන්දා
අවපසට ගොසින් සඳ ඝන කළුවර රන්දා
සඳ නොමැති සොවින් තුන් තිස් පැය මා ඉකි බින්දා 

වැව් දිය තාමත් මියුරු හඬින් ගීත ගයනවා 
සඳ එළිය ඇවිත් වැව් දිය මත රටා අඳිනවා 
සඳ සිසිලේ වැව් දිය මත කොඳ කුමුදු පිපෙනවා 
ඔබ නොමැති සොවින් මං තනිවම කඳුළු සලනවා 

No comments:

Post a Comment