Sunday, October 28, 2012

කඳුළු කවියක් ලියමි...


දුක හිතෙන කවි හිතක් මං ගාව තියෙනවා
හිතේ ඔබ උන්නු තැන තවම රිදෙනවා
මතකයක් සේ හොරෙන් ඔබ සිතට එබෙනවා
පුරුදු කඳුලක් ඇවිත් යළිත් නෙතු තෙමනවා 

සතුට වී දෙනෙත් මත ඇවිත් ඔබ රැඳුනාම
මුළු ලොවම ඔබ කියා මගෙ හිතට සිතුනාම 
සුසුම වී ඔබ ගාව ඉන්න මං පැතුවාම   
කඳුල දී සමු අරන් ගියා ඔබ නොකියාම 

මගෙ වෙලා ඔබ උන්නු අතීතය පුරාවට
දුන්න සෙනෙහස ඇතිය මියෙන තුරු මා හිතට 
සිනාවක් අරන් යළි එන තුරා මගෙ ලොවට 
කඳුළු කවියක් ලියමි හෙටත් මම ඔබෙ නමට 

No comments:

Post a Comment