Saturday, October 27, 2012

මලක වරුණ



උස ගසක සෙවනට යට පිපුණු බිම් මල් වෙති 
සුවඳ නැති බිම් මලක් වෙලා කිසි පල නැති 
හැඩට පිබිදී දිලෙන පුරවමින් අතු ඉති 
පළ දරන මලක් වෙමි මිහිරි සුවඳක් ඇති 

සුවඳ හමනා මලක පෙති මත රැඳී ඇත සුසිනුදු බවක් 
දිරන රොඩු මත ලොවට රහසෙම පරව යනවා බිම් මලක් 
නෙලා දෝතට මුනිදු පුදනට රැගෙන යයි සුවදැති මලක් 
අනේ කවදා බුදුන් පුදනට ගනිදෝ කැත බිම් මලක් 

කටට රස දෙන පදම හඳුනන බිම් මලක් පිපුනට පසේ
ඇතැම් බිම් මල් සිනාසෙයි සඟවාන මත රුදු විසේ 
පිපී හිනැහී ලොවම පිනවන සොඳුරු මල්කම් ඇති ගසේ 
මවාලයි රසඳුනක් නිරතුරු දකින දකිනා හැම ඇසේ 

No comments:

Post a Comment