Friday, October 19, 2012

රහස කිමැයි හැර යන්නට පෙම මාගේ


ගෙවුණු.... යුගය අවුදින් සිත ....................පාරන්නේ 
බිඳුණු...... හිතට ඔසු සොයමින් …..වෙහෙසෙන්නේ
රිදුණු .......තරම ලොවටම ..................සඟවාගන්නේ 
දැනුණු......පෙමක මහිමය ඔබ නෑ ................දන්නේ 

මතක......අතර හිඳ ඔය නෙතු........හිනැහෙනවා 
පෙමක... මහිම සිහිවී සුසුමක්................. එනවා 
මලක..... සියුම් පෙති අකලට මිය........... යනවා 
සිතක..... නැගුණු කඳුලක් නෙත......... රිදවනවා

අහස..... දුරයි තරු දිලුණත් ළඟ............ වාගේ 
පහස.... සොයයි තනිවෙන විට සිත...... මාගේ 
දවස..... දිගයි ඔබ ළඟ නැති පෙර......... වාගේ 
රහස.... කිමැයි හැර යන්නට පෙම........ මාගේ 

No comments:

Post a Comment