Saturday, October 27, 2012

වියෝයග ..


නොපෙනෙන්න උන්න නම් දුකක් නෑ මා හිතට  
යළි යළිත් ඔබ එද්දී දුවයි හිත අතීතෙට 
ලං වෙලා මා වින්ද පෙර පුරුදු සුවඳකට 
රිදෙන සිත ඉකි ගසයි අත වනා කඳුලකට 

පෙර දිනෙක ඔබ පෑව සුමුදු මදහාසයක
වෙලී සිත දුර ගියා පෙම ලියා ගීතයක 
යළි ඇසී පෙර ගැයූ සොඳුරු ගී රාවයක 
හැඩ බලමි ගිලිහෙනා උණු කඳුළු මාලයක 

පෙර දිනෙක මගේ හිත පුරාවට ඔබ ඇන්ද
ආදරේ සිතුවමක පාට බොඳ වී මන්ද 
පපුතුරෙහි හිස හොවා පෙර දිනෙක මා වින්ද 
සිසිල සොයනෙමි අදත් හැර ගියේ මා කිම්ද 

රෝස සුවඳක් වෙලා අවුත් මා හිත පුරා 
නේක රසඳුන් මැවූ ආදරේ මල්සරා 
මා අතැර ගිය දුකින් හඬමි තනිකම දරා 
වැරදුනොත් යනෙන මග යළි එන්න මා කරා 

No comments:

Post a Comment