Saturday, October 27, 2012

සේන් ගඟ ළඟ දී


සේන් ගඟ ළඟ මතක විජිතයෙ ඔබේ සුවඳම දැනෙනවා 
පුරුදු සුවඳට ඉව කරන සිත මතක අතරේ දුවනවා 
හොරෙන් වාගේ ඇවිත් ඔබ යළි මගේ කොපුලත සිඹිනවා 
මතක මාවත දිගේ ඇවිදන් යළිත් එන්නට සිතෙනවා

සේන් ගඟ ළඟ පිපී හිනැහෙන රොබරෝසියා මල් ගසේ
සුවඳ සුළඟට මුදාලයි ලොබ නැතිව තවමත් පෙර ලෙසේ 
ගං දියේ ඈතට ගසා ගෙන ගොසින් සැඟවෙන මලක් සේ
හද ඉමේ සිට නිති සිනාසෙන මතක සඟවන්නේ කෙසේ 

එදා සෙනෙහෙන් මෙ'ගං ඉවුරේ වරු ගණන් අප ඉන්නැති 
මෙදා තනිවම මෙ'මං වැළපෙන අයුරු මෙ ගඟ දන්නැති 
සේන් නදියට වඩා වැඩියෙන් මෙමා කඳුලැලි බොන්නැති
මියෙන තුරු මට දරා ගන්නට ඔබම දුන් කඳුලැලි ඇති

No comments:

Post a Comment