Thursday, October 25, 2012

මව් නමින් අවදි වව් !!


රණ දු පුතුන් සිය පණනල දෙවෙනි කර 
පළවා දමා රට තුළ රජ වූ අඳුර 
තිස් අවුරුදු යුද භීතිය නිමා කර 
ලක් දෙරණට ගෙන ආවා උදා ඉර 

දිනු නිදහස නිසා ලක් බිම ලොව දිලුනා
යුද්ධෙට ආවඩපු අයගේ ඇස් ඇරුණා 
ලක් බිම කොටු කරන්නට සැලසුම් ඇඳුනා
මානව හිමිකමේ නාමෙන් එය එබුණා 

ලෝකෙම බලය අල්ලන්ට හිතා ගෙන
දත කන ඇමරිකාවේ කටු සිඟා කන 
එන් ජී නඩය පෙරමුණෙ තබා ගෙන 
ගිල ගන්නට හදයි ලක් බිම නොරට දන 

ඇල්මක් නැතිද ලක් මව වෙනුවෙන් දැනිලා 
ඇගෙ නාමයෙන් කඳුලක් නෙතඟට උනලා 
තවමත් කිමද අප මේ ඉන්නේ බෙදිලා
නොදුටුව විලස ඉනු හැකිදෝ මෙය දැකලා

සිංහල දමිළ මුස්ලිම් අමතක කරමු
නිල් කොළ භේද මහ මුහුදට විසි කරමු
ලක් අම්මාගේ දරුවන් බව සිහි කරමු
මවු බිම රකින්නට අප සැම එකතු වෙමු 

No comments:

Post a Comment