Friday, October 26, 2012

...ඔබට ලී පෙම් කව...


දුරුතු සඳ ළඟ නිදි වරා 
වරු ගණන් පෙම් කවි ලියා 
ඔබ නමින් පෙම් කවක් එව්වා 
හමා යන සුලඟේ ඔතා ...
හිදින් ඩිංගක් මග බලා 
සුළඟ ඒවි ඔබ සොයා ...

තරු වියන යට සැඟවිලා 
සඳට රහසෙන් කියවලා 
හදේ ගැඹුරුම තැනක තැබුවෙමි
ඔබේ පෙම ලොවටම හොරා....

සුපිපි මාලති මල් ලතා 
සුවඳ මත පෙම තවරලා 
හෙටත් යළි ඔබ වෙත එවන්නම් 
හිඳින් එන තුරු මග බලා ....

No comments:

Post a Comment