Saturday, October 27, 2012

මුළු සසරෙම පෙම් කරන්න හිනාවක් ඇති


තරු ඇස් යට ආදරයේ රුවට රැවටිලා 
අනන්තයට පැතුම් ගොඩක් හිතේ හිර වෙලා 
මගෙ නොවනා හීනයකට පාට තවරලා 
දුක උහුලමි ඔය ඇස් ළඟ මදක් නැවතිලා 

ඔබෙ වෙන්නට පෙර භවයක පින් පුරන්නැති
පිරූ පෙරුම් මදි හින්දා මගෙ නොවෙන්නැති 
ඔබේ වෙලා හිනැහෙන්නට පිනක් මට නැති 
මුළු සසරෙම පෙම් කරන්න හිනාවක් ඇති 

ඇස් දෙක යට නතර වෙලා පැතුම් පතන්නම්
ලඟින් ඉද්දි දැනෙනා දුක සඟවා ගන්නම් 
මගෙ නොවුණත් මගේ හීනයේ ඔබම දකින්නම් 
දුරින් ඉඳන් ඔබට හොරෙන් කඳුළු සලන්නම් 

ඇස් පියන් මත රැඳෙන ඔබෙ හීනය වෙන්න
සිත් ඉමේ සැරිසරන සිතුවිල්ල සරසන්න 
අත් බැඳන් සිත් ලෙසින් අනන්තය වෙත යන්න 
ඇස් පියා ගනිමි මම මොහොතකට ඔබෙ වෙන්න 

No comments:

Post a Comment