Friday, October 12, 2012

ත දුරක ගියේ ඇයිද  මගේ හිත අරන් ..
පාට කරපු හීන කන්ද මගේ ළඟ තියන් ..
වාන් දමන මතකයනටඅගුලු දමමි මං..
එත් යළිත් ඔබ ඇවිදින් මතකය අතරින් ....

කාන්සියට මං ලියනා කවි පද අතරින් ...
හීන්සැරේ මං හෙළනා සුසුමන් පොදකින් ..
දෑස් පියන් පත් වසනා හැම මොහොතකදිත් ..
ඈත් නොවී මං ගාවම ඔය ඇස් හිනැහෙත් .....

යාන්තමට ඉගිමරනා තරු කැට ගානේ ...
පාන්දරට දග කරනා පිනි බින්දු යායේ ..
දෑස් කොනේ නලියන හැම සිහිනෙම වාගේ ...
මාත් මගේ හිත ගාවම ඔබ රැඳුනානේ .....

5 comments:

  1. ගයනි....මේ විවේචනයක් නොවේ......

    පැයක් විතර තිස්සේ කියවගෙන කියවගෙන ගියා.... ලස්සනයි... සුන්දරයි... කොහොමටත් කවි කිවිඳියන් අතර ඔබටම ආවේනික අනන්‍යතාවක් තියෙනවා. ඒක කියන්නේ මේ ටික බලලා නෙවෙයි. මේක බලන්න කලින් ඉඳලා ඔබ විටින්විට ලියාපු කවි දැකලා මට ඇතිවුන හැඟීමක්. මා පෙර දුටු, කියවූ, කවිවලින් ඔබ මූණුපොතේ සුන්දරම කවි ලියන අය අතරයි හිටියේ. විශේෂයෙන් විරහා සංකල්පනා ලියන්නන් අතර ඔබ මගේ සොඳුරුම කිවිඳියක්. මේකෙදි මං නොදැක්ක, නොකියවපු කවි හුඟාක් දැක්කා. ඒවායිනුත් මට තහවුරු වුනේ පෙර මං දැරූ අදහසමයි.

    මං කවියෙන් කවිය අදහස් දක්වන්න ගියේ නැත්තේ වෙලාවක් නැති හින්දා. පස්සේ වෙලාවක, ඉඩ ලැබුණු විදියට මොනවා හරි ලියන්නම් හොඳම ඒවා යැයි මට හිතෙන කවිවලට.

    එතෙක් මං මේ අන්තිම කවියට ලියන්න හිතුවේ ඒක සඳැසකටත් නිසඳැසකටත් නැති කවියක් නිසාමයි. සඳැසක් කියලා ගන්න පුලුවන් පළවෙනි කවිය. නමුත් ඒකේ යවහන් වැරදියි. අනෙක් කවි සඳැස් ආරෙට ලියවුනු නිසඳැස් හො නිදහස් කවි කියලා හිතමු. මොනවා වුනත් කවි සිතුවිල්ලයි වැදගත්. කවි සිතුවිල්ල ප්‍රබල නම් හොඳ කවියක් ලිව්ව හැකියි. අඩුපාඩු තිබුණත් කවි සිතුවිල්ලවත් අඩුමගානේ රස විඳින්න පුලුවන්නේ...

    අවසාන වශයෙන්....

    මට සලජාකසයේ සම්මාන දීලා තිබුණු හැටි දැක්කාම හිතුනු දෙයක්, මේ ඔක්කොම කවි බලලා යළිත් හිතට ආවා. කවුරු මොනවා කිව්වත් මේ විපුල කියන්න තියෙන දේ කියනවා. හරිනම් ඔයාට දෙන්න තිබුනේ “ කව්‍ය ස්වර්ණ සම්මානලාභී සිරි කවිපති ” කියන සම්මානේ. සම්මාන සඳහා තේරීම අන්තගාමී, පක්ෂග්‍රාහී, ඥාතිමිත්‍ර සංග්‍රහයක්. මා මගේ නම විනිශ්චය සඳහා යොජනා වුණු වෙලාවෙම බෑ කියලා අස්වුණේ ඒ හින්දයි. ස්වාධීන අවංක විනිශ්චයකට එහි ඉඩක් නැති බව පළමු සාකච්ඡාවෙන්ම පැහැදිලි වුණා. පස්සේ මං දැනුවත්ව බණ්ඩාර හේරත් කිවිඳුන් පවා ඉවත් වුණා. නමුත් අන්තිමට ඉඳලා තියෙන්නේ අයිතිකාරයෝ විතරයි. ඒකනේ තවම විනිශ්චය මණ්ඩලයවත් හෙළිකරන්න බැරි. සම්මාන නැති වුණාට කමක් නෑ... හොඳකවි ඉදිරියේදීත් ලියන්න. අර සුදීපා මිහිරි, ඉරංගා සචින්තා කලා වගේ කවි පොතක් පලකරන්න...
    ඔබට මගේ සුබපැතුම් ගයනී...

    ReplyDelete
  2. ගයනි....මේ විවේචනයක් නොවේ......

    Replies
    1. ස්තුතියි කියන්නෙ නෑ... ගොඩක් පිං... ඔබ හැමදාමත් කවියන් අගය කළා, අඩුපාඩු පෙන්නලා දුන්නා... ඒක ලොකු හයියක්... දිරියක්...

      Delete
    2. ස්තුතියි කියන්නෙ නෑ... ගොඩක් පිං... ඔබ හැමදාමත් කවියන් අගය කළා, අඩුපාඩු පෙන්නලා දුන්නා... ඒක ලොකු හයියක්... දිරියක්...

      Delete
    3. ස්තුතියි කියන්නෙ නෑ... ගොඩක් පිං... ඔබ හැමදාමත් කවියන් අගය කළා, අඩුපාඩු පෙන්නලා දුන්නා... ඒක ලොකු හයියක්... දිරියක්...

      Delete