Monday, October 15, 2012

මතක සිත්තම්.


මා නුඹේ වී
නුඹ මගේ වී 
අප උන්නු කාලය පුරා
පාට තැවරු 
හාදු ඇතිරූ 
සිහින මතකය මත අරා 
කඳුළු උල්පත් 
කලතමින් විත් 
දෙනෙත් ගං දෑලම සරා 
මතක සිත්තම් 
සමග රිදුමක් 
ගෙනෙයි මගෙ තුන් සිත කරා 

No comments:

Post a Comment