Monday, October 15, 2012

සමු ගැන්මට පෙර


එක් වෙන්න 
පතන විට
එයින් සිත රිදේවි ..
වෙන් වෙලා 
හිඳිමු අපි 
දිනෙක හිත හැදේවි ...
මතකයක් 
වෙලා නුඹ 
මගෙ හිතේ හිඳීවි.....
මතක සිත 
රිදවමින්
කඳුළු වැහි වහිවී ....


සඳු මමයි
හිරු ඔබයි 
එකම අහසක දිලෙන..
නමුත්, අප
කිසි දිනෙක 
අපේ වී හමු නොවෙත... 
ඉදින් මා 
ඔබ නමින්
තවත් දුක් වනු කුමට 
සමු ගනිමි
රැය දිගයි 
තනිව වැළපෙමි සිතින ....

No comments:

Post a Comment