Monday, October 15, 2012

ඔබ නමින් ආදරේ ටජ් මහල් තනවමි


කවියක තවරමින් ආදරයක හැඟුමන් 
සිතුවිල්ලක් විලස සිත මත ඉන්නද මන් 
අතුරමි සිත පුරා දේදුන්නක පැහැයන් 
සැනසෙමි තුරුළු වී ලයමත හිස සතපන් 

ඉන්නම් ඇවිත් සැඟවෙමි ඔබ සිත් අහසේ
දෙන්නම් දෙතොල් පුරවා පෙම් මදහාසේ 
ගන්නම් තුරුළු කර සිත වෙත ඔබ පහසේ 
වෙන්නම් ඔබේ සැමදා ලොවටම රහසේ 

මදනලක් සේ වෙලී සියොලඟම දැවටෙමි 
මුදු දෙතොල් ආදරේ හසකනින් පුරවමි 
ඔබ නමින් ජිවිතේ ටජ් මහල් තනවමි 
ඔය දෙපා මුල මගේ විජිතයේ රජ වෙමි 

අතු පැළ වුවද ටජ්මහලක් සේ සිතමි 
තුළ ඔබ නමින් ලොව්තුරු සුව සදමි 
දිව සැප පරදන්න මුව හසරැල් පුදමි 
හැම රෑ ඔබේ උණුසුම් තුරුලේ නිදමි 

No comments:

Post a Comment