Friday, October 12, 2012

******අම්මා******




රන්මැලි මහා සෑ මළුවේ සිහිල් පවන අම්මා
ජයසිරි මා බෝ සෙවනේ සිලි සිලියයි අම්මා 
කලා වැවේ නිල් දියවර සේ සිසිලයි අම්මා
වළාකුලෙන් දෙවු විමනට වැඩියාදෝ අම්මා 

විහඟ තුඩක ගැයෙන ගීයෙ මිහිරි ස්වරය අම්මා
නැගෙන බිඳෙන සයුරු රළක තාලය වුනි අම්මා
කතරට වැටෙනා සිහිලැල් පොද වැස්සයි අම්මා
මා තනිකර තුසිතය වෙත ගියෙදෝ මගේ අම්මා

සිරිපාදේ මහා මළුවේ ඝන්ටා නද අම්මා
කිරි වෙහෙරේ පහන් වැටේ ආලෝකය අම්මා 
හැබැහින් දුටු දෙවු රුව සරි මගේ ආදර අම්මා
සිහිනෙන් හෝ ඇවිත් යන්න හද දුක නැත නිම්මා 

No comments:

Post a Comment