Monday, October 15, 2012

ඉකි බිඳින කවි හිත ...

ගීත මුමුණ සිත සුළඟට 
ඔබේ හඬ දුන්නේ කිමැයි
ඈත පාවෙන වළා අවුදින් 
ඔබේ ගැන මට ගතු කියයි ..

තාරකාවක දිස්නේ අතරින් 
දෙනෙත් යුග සිහිනෙට වැදී
පාරවයි සිත දැහැන් බිඳිමින් 
නින්ද ඈතක යයි ඇදී ...

නින්ද නැති නෙතු අසල රැඳෙමින්
නුඹේ රුව කවි පද බඳී
බැන්ද සෙනෙහස කෝම කියමිද 
මගේ සිත තව ඉකි බිදී ...

No comments:

Post a Comment