Monday, October 15, 2012

නුඹ දන්නවා නම් නොම ඉඳි දුරින් ....


අහස තරම් 
මහා පොළොව තරම් 
නුඹ තවම නොදන්නා 
' සිත තරම්
මම නුඹට පෙම් කළා 
ලොවට හොරෙන්,
මුළු ලොවට හොරෙන් ...

රෑ අහස පුරා 
තරු දිලෙන තරම් 
ඒ තරු අතරේ 
නුඹ සෙවූ තරම් 
නුඹ නොදුටු සොවින් 
මා හැඬු තරම් 
නුඹ තව නොදනිW ..
නුඹ දන්නවා නම් 
නොම ඉඳි දුරින් ....

මගේ කඳුළු දියෙන් 
පිණි සැදුනු තරම් 
ඒ පිණි කඳුලෙන් 
මල් පිපුණු තරම් 
ඒ මල් සුවඳේ 
නුඹ සෙවූ තරම් 
නුඹ තව නොදනිW ...
නුඹ දන්නවා නම් 
නොම හිඳී දුරින් ....

No comments:

Post a Comment